අඟුලානේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අඟුලානේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 11-07-2020 | 7:27 AM

COLOMBO (News 1st) :  අඟුලාන, ලුණාව ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඊයේ රාත්‍රී 12.30 ට පමණ මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාවට ලක් කළ බවයි. එම අවස්ථාවේ පරීක්ෂාවට ලක් කළ ත්‍රීරෝද රථයක සිටි බීමත් අයෙකු පොලිස් නිලධාරියෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ එම බීමත් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අඟුලාන ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙකි. https://www.facebook.com/NewsfirstSL/videos/337895627375366/