හපුතලේදී මියගිය හඳුන් දිවියෙකුගේ මළ සිරුරක්

හපුතලේදී මියගිය හඳුන් දිවියෙකුගේ මළ සිරුරක්

කර්තෘ Staff writer

11 Jul, 2020 | 4:13 pm

COLOMBO (News 1st) : හපුතලේ – බොරලන්ද මාර්ගයේ යාල, බැද්දේවෙළ ප්‍රදේශයේදී මියගිය හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවී තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව හපුතලේ වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

අප වාර්තාකරු පැවසුවේ හඳුන් දිවියා වාහනයට හසුව මියගොස් ඇති බවට හපුතලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සැක පළ කරන බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]