ගිනිඅවි සමග පොලිස් කොස්තාපල් රියදුරෙක් අත්අඩංගුවට

පිටිපනදී ගිනිඅවි සමග පොලිස් කොස්තාපල් රියදුරෙක් CID අත්අඩංගුවට

by Staff writer 11-07-2020 | 8:50 PM

COLOMBO (News 1st) - හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී ටී 56 ගිනිඅවි දෙකක් සමග පොලිස් කොස්තාපල් රියදුරෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකු බවයි. පිටිපනදී පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගත් පාතාල අවි ගබඩාව හා එම ගිනි අවි වල සබඳතාවක් ඇතැයි ද පොලීසීය පවසයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, සඟවා තිබූ ටී 56 ගිනිඅවි සඳහා යොදන උණ්ඩ තොගයක් ද අද දහවල් සොයා ගැනිණ. ඒ කිරිවත්තුඩුව ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ය. ප්‍රදේශයේ ඇලක තිබියදී සොයාගත් මුද්‍රා තබන ලද පෙට්ටියක එම උණ්ඩ සඟවා තිබී ඇත. එහි තිබී සොයාගත් උණ්ඩ සංඛ්‍යාව 750කි.   https://www.facebook.com/NewsfirstSL/videos/587292322176364/