රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක් වාර්තා වෙයි

රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක් වාර්තා වෙයි

රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක් වාර්තා වෙයි

කර්තෘ Staff writer

11 Jul, 2020 | 11:30 pm

COLOMBO (News 1st) 11.00PM – රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 4ක් ( කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන්) වාර්තා වී ඇති බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද(11) දින මේ දක්වා(11.00PM) වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 14ක් බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2468 දක්වා ඉහළ ගොස් තිබේ.

===============================

COLOMBO (News 1st) 06.40PM : අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනිණ.

ඒ අතරින් 5 දෙනෙකු කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

රාජාංගනේ පදිංචි 1යි
හබරාදුව පදිංචි 1යි,
වැලිකන්ද පදිංචි 2යි,
ලංකාපුර පදිංචි 1යි

තවත් 4 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට පැමිණි අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 2464 කි.

ඉන් 473 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වනවිට පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව 1980 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]