English
தமிழ்
කර්තෘ Staff writer
11 Jul, 2020 | 11:30 am
මෙම වෙඩිතැබීම සිදුවුණේ අඟුලාන හා ලුණාව දුම්රිය ස්ථාන අතර අගුලාන පාලම අසල මාර්ග බාධකයකදී ය.
ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නතර කළ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු හා පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ බහින් බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
එහිදී පොලිස් නිලධාරියෙකුට ගලකින් පහරදීමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය වන අවස්තාවේදී වෙඩි වැදුණු පුද්ගලායේ පුත්‍රයෙකු හා සහෝදරයෙකු ත්‍රීරෝද රථයේ සිට තිබේ.
වෙඩි වැදුණු පුද්ගලයා රැගෙන ගොස් තිබුණේ, කළුබෝවිල රෝහලටයි.
සිද්ධිය වූ අවස්තාවේ අදාල ත්‍රීරෝද රථයේ සිටි අයෙකු සිදුවීම පැහැදිලි කළේ ය.
”අත දැම්මහම ලයිසන් ඉන්ෂුවරන්ස් ඉල්ලුවා අයියා ඊට පස්සේ දුන්නා.ඊට පස්සේ අයියගේ සාක්කුවට අත දැම්මා. අයියා එතකොට කිව්වා අපි මේ ගංජා කුඩු ගෙනියන්නේ නැහැ.කියනකොට වෙඩි තිබ්බා.”
වෙඩි වැදුණු පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනෙකුද රෝහලට අසලට පැමිණ සිටියහ.
අගුලාන පොලිසිය අසලට ඊයේ රාත්‍රීයේ රැස්වූ ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළහ.
📌"ඔයගොල්ලන්ට කන්න හම්බු කරලා දුන්නු තාත්තා නැති වෙච්ච දුක අපි දන්නවා"
🔺පොලිස් වෙඩි පහරින් අඟුලානේ අයෙකු මිය යාම ගැන පුළුල් පරීක්ෂණ🔺රාජකාරීයේදී වරදක් සිදුව ඇත්නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා – පොලීසිය📌"ඔයගොල්ලන්ට කන්න හම්බු කරලා දුන්නු තාත්තා නැති වෙච්ච දුක අපි දන්නවා"📌 අඟුලාන පොලීසියට ජනතාවගේ විරෝධය#lka #News1st #EW #Angulana #PoliceMediaSpokesman #SriLanka #AngulanaShooting #Underhand
Posted by Newsfirst.lk on Saturday, July 11, 2020
අඟුලාන මාර්ග බාධකයකදී ගල් ප්‍රහාරයක් එල්ල කළ බීමත් පුද්ගලයෙකුට පොලීසියෙන් වෙඩි..
අඟුලාන මාර්ග බාධකයකදී ගල් ප්‍රහාරයක් එල්ල කළ බීමත් පුද්ගලයෙකුට පොලීසියෙන් වෙඩි.. Read more: https://bit.ly/3ehCZ5T#LKA #BOC #Angulana #Police #Shooting #News1st #SriLanka
Posted by Newsfirst.lk on Saturday, July 11, 2020
30 Sep, 2020 | 06:04 PM
26 Jun, 2020 | 06:00 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS