මහාධිකරණ පරිශ්‍රයේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුට නියෝමාල් රංගජීවගෙන් බාධා

by Staff writer 10-07-2020 | 12:29 PM

COLOMBO (News 1st) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළේ ය.

ඒ, අදාළ මාධ්‍යවේදියා, ඔහුගේ ඡායාරූපයක් ගැනීමට යාමේදීයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වන්නේ ද, නියෝමාල් රංගජීව මහතායි. කොළඹ අංක 1 මහාධිකරණ පරිශ්‍රය තුළදී රංගජීව මහතාගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු විසින් මාධ්‍යවේදියා අල්ලා ගෙන, පොලිස් මුරපොළ වෙත රැගෙන යන අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට් කළ විමසිමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.