ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 10-07-2020 | 7:58 AM
දේශීය පුවත් 1. බුද්ධි නිලධාරියෙකු ජනපති කොමිසමට කළ හෙළිදරව්ව: පසුගිය ආණ්ඩුව ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට අවධානය යොමු කර තිබූ බව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු ඊයේ ප්‍රකාශ කර තිබේ. 2. පැය 9ක ප්‍රකාශයකින් පසු හිටපු ඇමති රිෂාඩ් CID යෙන් පිටව යයි : හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබේ. 3. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළට : ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය. 4.කන්දකාඩු පුනරුත්ථාපනයේ උපදේශිකාව ඇසුරු කළ 42 ක් ස්වයං නිරෝධායනයට: හලාවත, කොස්වත්ත ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලීසිය පවසයි. 5.විදුලි බිලට දෙන රජයේ සහනය තවත් කල් යයි : කොරෝනා කාලසීමාවේ විදුලිය බිල්පත් සඳහා ලැබෙන සහනය කුමක් ද?කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන සාකච්ඡා කළත් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. විදෙස් පුවත් 6. අමෙරිකාවෙන් යළිත් චීනයට චෝදනා : චීනය රටක් ලෙස ප්‍රතිලාභ අත්කරගැනීමට කොරෝනා වෛරසය යොදාගන්නා බවට අමෙරිකාව චෝදනා කර තිබේ.