ගිනිඅවි සමග තරුණයින් දෙදෙනෙක් මීටියාගොඩදී දැලේ

ගිනිඅවි සමග තරුණයින් දෙදෙනෙක් මීටියාගොඩදී අත්අඩංගුවට

by Staff writer 10-07-2020 | 4:58 PM
COLOMBO (News 1st) : ගිනිඅවි සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මිටියාගොඩ, ගින්නරුව, වේරගොඩ ප්‍රදේශයේදී කාණු දෙකේ තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ කැරලියන්ගොඩ, කහව ප්‍රදේශයේදී ද මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එම සැකකරුවන් 22 හා 23 වයස්වල පසුවන වේරගොඩ සහ කහව ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට හැකිවු බව පොලීසිය පැවසී ය. එම සැකකරුවන් වේරගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පැමිණි යතුරු පැදිය හා සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවි දෙකක් හා උණ්ඩ 07 ක් , රිවෝල්වර දෙකක් පොලීසිය භාරයට ගෙන තිබේ. පලා ගිය සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.