විදෙස් කතට හිංසා කළ 5 දෙනා යළි රිමාන්ඩ්

ගාලු මුවදොරදී විදෙස් කතට හිංසා කළ 5 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 10-07-2020 | 3:22 PM
COLOMBO (News 1st) : කොළඹ, ගාලු මුවදොරදී රුසියානු ජාතික කාන්තාවකට හිංසා කරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගරගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 13 වන දා දක්වා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මෙම රුසියානු කාන්තාවට පසුගිය 5වන ඉරිදා පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී මෙම හිංසනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය එදිනම රාත්‍රීයේ කොටුව පොලීසියට පැමිණිල්ලක් කර තිබිණ. පසුව ප්‍රධාන සැකකරු ද ඇතුළුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ, ඔවුන් කොළඹ අවට පදිංචිකරුවන් බවයි. මෙම රුසියානු කාන්තාව හිංසනයට ලක්වන අයුරු දැක්වෙන විඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය විය. https://www.facebook.com/NewsfirstSL/videos/2666929470256130/