විශ්වවිද්‍යාල 7ක උප කුලපති ධූර සඳහා ඉල්ලුම්පත් කැඳවයි

විශ්වවිද්‍යාල 7ක උප කුලපති ධූර සඳහා ඉල්ලුම්පත් කැඳවයි

විශ්වවිද්‍යාල 7ක උප කුලපති ධූර සඳහා ඉල්ලුම්පත් කැඳවයි

කර්තෘ Staff writer

10 Jul, 2020 | 8:44 am

COLOMBO (News 1st) –  විශ්ව විද්‍යාල හතක උප කුලපති ධූර සඳහා කඩිනමින් සුදුස්සන් පත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, අදාළ තනතුරු සඳහා සුදුස්සන්ගේන් ඉල්ලුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එහෙත් මහ මැතිවරණ සමය හේතුවෙන් මැතිවරණ නීතිය අනුව සම්මුඛ පරික්ෂණ හෝ නව බඳවා ගැනීම් සිදුකිරිමේ හැකියාවක් නොමැති බව ද ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව, මැතිවරණයෙන් පසු උප කුලපති ධූර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

උප සභාපතිවරිය පැවසුවේ ශ්‍රී ජයවර්ධන පුර, යාපනය, කැලණිය, ඌව වෙල්ලස්ස, සබරගමුව, වයඹ හා සෞන්දර්ය විශ්ව විද්‍යාලවල උප කුලපති ධූර සඳහා මේ වනවිට පුරප්පාඩු පවතින බවයි.

එම තනතුරුවල වැඩ බැලීම සඳහා සුදුසුකම් සහිත ජ්‍යේෂ්ඨයින් පිරිසක් යොදවා ඇති බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]