මෙරට දෙවන දිය යට කෞතුකාගාරයත් විවෘත වෙයි
මෙරට දෙවන දිය යට කෞතුකාගාරයත් විවෘත වෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : මෙරට දෙවන දිය යට කෞතුකාගාරය අද නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් විවෘත කරනු ලැබී ය.
මෙම කෞතුකාගාරය ඉදි කර ඇත්තේ, ත්‍රීකුණාමලය සැන්ඩි බේ වෙරළ කේන්ද්‍ර කර ගනිමිනි.
එය අදාළ මුහුදු ප්‍රදේශයේ අඩි 60ක් පමණ ගැඹුරන් හා අඩි 150ක දිගකින් , අඩි 85ක පළලකින් පිහිටා ඇති අතර කිමිඳුම් හෝ පිහිණුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි නිර්මාණය කර තිබේ.
නාවික හමුදාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරිණ.
කොරල් පර නැවත වර්ධනය කර ගැනීම, මත්ස්‍ය සම්පත වර්ධනය කර ගැනීම හා සංචාරකයින්ට කිමිඳුම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව හිමි වීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත අරමුණු ය.
කෙසේ වෙතත් ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු එහි මූලික අවධිය තුළ මෙම ප්‍රදේශයේ මසුන් මැරීම සඳහා ධීවර ප්‍රජාවට අවසර හිමි නොවේ.
තවද මෙවැනිම දිය යට කෞතුකාගාරයක් ඉදිරියේදී තංගල්ල ප්‍රදේශයේද ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
- වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..
- අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ගෘහස්ත ත්‍රස්තවාදි හිස එසවිය හැකි බවට අනතුරු ඇඟවීමක්…
- 2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්
- පුත්තලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට
- AstraZeneca Covishield කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට: එන්නත්කරණය හෙට සිට ඇරඹේ
- දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි