home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මෙරට දෙවන දිය යට කෞතුකාගාරයත් විවෘත වෙයි
by Staff writer
10-07-2020 | 8:18 PM
COLOMBO (News 1st) : මෙරට
දෙවන දිය යට කෞතුකාගාරය අද නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් විවෘත කරනු ලැබී ය.
මෙම කෞතුකාගාරය ඉදි කර ඇත්තේ, ත්‍රීකුණාමලය සැන්ඩි බේ වෙරළ කේන්ද්‍ර කර ගනිමිනි. එය අදාළ මුහුදු ප්‍රදේශයේ අඩි 60ක් පමණ ගැඹුරන් හා අඩි 150ක දිගකින් , අඩි 85ක පළලකින් පිහිටා ඇති අතර කිමිඳුම් හෝ පිහිණුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි නිර්මාණය කර තිබේ. නාවික හමුදාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරිණ. කොරල් පර නැවත වර්ධනය කර ගැනීම, මත්‍ස්‍ය සම්පත වර්ධනය කර ගැනීම හා සංචාරකයින්ට කිමිඳුම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව හිමි වීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත අරමුණු ය. කෙසේ වෙතත් ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු එහි මූලික අවධිය තුළ මෙම ප්‍රදේශයේ මසුන් මැරීම සඳහා ධීවර ප්‍රජාවට අවසර හිමි නොවේ. තවද මෙවැනිම දිය යට කෞතුකාගාරයක් ඉදිරියේදී තංගල්ල ප්‍රදේශයේද ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
වෙනත් ලිපි
මාසයේ පළමු දින 14 තුළ මෙරටට සංචාරකයින් 75,358ක්
මාස 8ක් තුළ රේගුව රු.බිලියන 1,471ක ආදායමක් ලබයි
තහනම් කරන සුරතල් මසුන් වර්ග?
හම්බන්තොට මයුරපුරත් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන ස්ථාන
ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%කින් ඉහළට
කෙහෙළිය පවුලේ නඩුවට දින නියම කෙරේ
විශේෂාංග
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය..
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය