”කටකතාවලට රැවටෙන්න එපා….!, කිසිදු  ගමක් හුදකලා කර නැහැ” – යුද හමුදාපති

”කටකතාවලට රැවටෙන්න එපා….!, කිසිදු ගමක් හුදකලා කර නැහැ” – යුද හමුදාපති

”කටකතාවලට රැවටෙන්න එපා….!, කිසිදු ගමක් හුදකලා කර නැහැ” – යුද හමුදාපති

කර්තෘ Staff writer

10 Jul, 2020 | 5:11 pm

COLOMBO (News 1st) : කොරෝනා රෝගය සමාජයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මේ වනවිට කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 253 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.

ඔවුන්ට එම මධ්‍යස්ථානය තුළදීම ප්‍රතිකාර සිදුකරන බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙම කඳවුරු තුළ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ හා එහි කාර්ය මණ්ඩලය ඇතුළුව 1150කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් සියලු දෙනා PCR වෙත යොමු කර තිබේ.

ඉන් මේ වනවිට ලැබී ඇත්තේ,  375කගේ පමණ පිරිසකගේ PCR ප්‍රතිඵල පමණක් බවත් යුද හමුදාපතිවරයා පැවසී ය.

යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ , අනෙක් පිරිසගේ PCR ප්‍රතිඵල ලැබීමට නියමිත අතර ඒ අතරින් ද කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බවයි.

තවද පුනරුථාපන මධ්‍යස්ථානයේ සිටි නිවාඩු ගොස් සිටින කාර්ය මණ්ඩල පිරිස් යළි කැඳවීමට අවශ්‍ය කටයුතු සළසා ඇති බව ද යුද හමුදාපතිවරයා පැවසී ය.

කොරෝනා ආසාදිතයින් පිළිබඳව හා ගම්මාන හුදෙකලා කර ඇති බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කළ යුද හමුදාපතිවරයා පැවසූවේ,  එවැනි තත්ත්වයක් පවතී නම්, පෙර පරිදි ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවයි.

මේ නිසා පැතිරී යන කටකතාවලට නොරැවටෙන ලෙස ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්…

යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්… #lka #News1st #COVID19 #ArmyCommander #ShavendraSilva

Posted by Newsfirst.lk on Friday, July 10, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]