MCC අධ්‍යයනයට තවත් සති දෙකක් කල්දෙයි

MCC අධ්‍යයනයට තවත් සති දෙකක් කල්දෙයි

by Staff writer 09-07-2020 | 12:16 PM
COLOMBO (News 1st) : MCC ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සති දෙකක කාලයක් ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසී ය. සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, කිහිප දෙනෙකු මේ වනවිට නිර්දේශ ලබා දී ඇතත් තවත් පිරිසක් එය අධ්‍යයනය සඳහා කාලය ඉල්ලා ඇති බවයි.