විදුලි බිලේ සහනයට බාලගිරි දෝෂය..

විදුලි බිලට දෙන රජයේ සහනය තවත් කල් යයි..

by Staff writer 09-07-2020 | 7:17 PM

COLOMBO (News 1st) - කොරෝනා කාලසීමාවේ විදුලිය බිල්පත් සඳහා ලැබෙන සහනය කුමක් ද?

කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන සාකච්ඡා කළත් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති කාලසීමාවට අදාළව ලැබුණු විදුලිය බිල්පත් පිළිබඳව ජනතාවගේ පැමිණිලි රැසක් ඉදිරිපත්වී තිබුණි. මාසික බිල්පතට වඩා වැඩි අගයක බිල්පත් ලැබීම, එකවර විශාල මුදලක් ගෙවීමට නොහැකිවීම වැනි පැමිණිලි ඒ අතර විය. බොහෝ දෙනෙකු කියා සිටියේ ලැබුණු විදුලිය බිල්පත් සාධාරණ නොවන බවයි. මේ පිළිබඳව අධ්‍යයනයකින් පසුව සකස් කළ වාර්තාවක් විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එහිදී යෝජනා කර ඇත්තේ, මාර්තු සිට මැයි දක්වා මාස 3 ක් විදුලි බිල්පත්වලට සහනයක් ලබාදිය යුතු බවය. එම මාසවල ඒකක 90 ක් දක්වා විදුලිය භාවිත කර ඇති පාරිභෝගිකයින්ගේ බිල්පත්වලින් 25% ක් අඩුකිරීම, බිල්පත් ගෙවීමට මාස තුනක සහන කාලයක් ලබාදීම, ප්‍රමාද ගාස්තු ලෙස කිසිදු දඩ මුදලක් අය නොකිරීම, සහ කිසිදු හේතුවක් මත විදුලි සැපයුම් විසන්ධි නොකිරීම අමාත්‍යවරයාගේ යෝජනාවලට ඇතුළත් වේ. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
විශේෂයෙන් මාර්තු මාසයට පෙර පෙබරවාරි, මාර්තු, දෙසැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් පරිභෝජනය කළ ප්‍රමාණයට වඩා වැඩිපුර කොතරම් ප්‍රමාණයක් විදුලි බිල්පත වැඩිවෙලා තියෙනවා ද එහෙම නැත්නම් අනූව දක්වා පාරිභෝජනය කරන පාරිභෝගිකයින්ට අමතරව තව මේ ප්‍රමාණය සියයට 120 දක්වා මේ ප්‍රමාණය වැඩි කරන්න බැරිද යන ආදිය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමාත් සියලුම ඇමතිවරුණුත් කරුණු රාශියක් ඉදිරිපත් කළා. ඒ නිසා මේ සහනය තවදුරටත් වැඩි කරලා සුව සහනයක් විදිහටම සැපයීම සඳහා ලබන සතියේ මේ පැකේජය කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටියා. අර දීලා තියෙන සහනය අද පුවත්පත්වල දක්වා තියෙන එක අවසන් කැබිනට් තීරණය නෙවෙයි ලබන කැබිනට් මණ්ඩලයේදී තමයි අවසාන තීරණය ලැබෙන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
කෙරෝනා වසංගත කාලය තුළ සහන ලබාදුන්නා සෑම අංශයකටම මූල්‍ය අංශවල එතකොට ලීසිං සමාගම් කියනවා මේ සහනය ලබාදෙන්නේ ණයක් විදිහට කියලා.එතකොට ඒකට සහනකටත් වඩා. ජනතාවට යම් ආකාරයක බරක් විදිහටයි පැටවෙන්නේ.
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
දැන් අපි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා. ණය මුල්‍ය ගැන ඔය තියෙන ප්‍රශ්නය ගැන විශේෂයෙන්ම විමල් වීරවංශ ඇමතිතුමත් කිව්වා කර්මාන්තකරුවන්ට ණය ලබාගැනීමේදී මේ සහන ලබා ගැනීමේ ප්‍රශ්නය සාකච්ජා වුණා. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔන්බුස්මන්වරයෙක් ඒ මූල්‍ය ක්ෂේත්‍රයේ සහන ලැබුනාද කියන එක පිළිබඳව දුග්ගන්නා රාල කෙනෙක් ඉදිරිපත් කරන්න ඔවැනි දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා
https://www.facebook.com/NewsfirstSL/videos/698435624336975/