හිටපු ඇමති රිෂාඩ් CIDය හමුවට

හිටපු ඇමති රිෂාඩ් CIDය හමුවට

by Staff writer 09-07-2020 | 11:41 AM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බවයි. පෙරවරු 11 ට පමණ පැමිණි රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව ඔහු සඳහන් කළේ ය.