රත්‍රං මිල වර්තාගත ලෙස ඉහළට

රත්‍රං මිල වර්තාගත ලෙස ඉහළ යයි

by Staff writer 09-07-2020 | 12:41 PM
COLOMBO (News 1st) : මෙරට රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් ලක්ෂයක් ලෙසයි. කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88 000 ක් ලෙස සටහන් විය. ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1800 ඉක්මවායාම දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාමට හේතුවයි. රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ අනුව ඉකුත් මාස 14 තුල ලෝක වෙළඳපොළේ රත්‍රං මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. කොරෝනා ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වන පසුබිමකදී ආයෝජකයින් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම,  එලෙස මිල ඉහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.