ප්‍රතිපත්ති පොළී අනුපාත යළි පහළට

ප්‍රතිපත්ති පොළී අනුපාත යළි පහළට

by Staff writer 09-07-2020 | 11:20 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රතිපත්ති පොළී අනුපාත යළි පහළ දමා තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය 4.5% දක්වා පහළ දමා ඇතැයි, මහ බැංකුව නිවේදනය කළේ ය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය පහළ දමා ඇත්තේ, 5.5% ක් දක්වායි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස්වී ගත් තීරණයකට අනූව එලෙස ප්‍රතිපත්ති පොළී අනුපාත පහළ දමා තිබේ.