බුලත්සිංහලින් කාන්තා මළ සිරුරක්

බුලත්සිංහල නිවසක් පිටුපස තිබී කාන්තා මළ සිරුරක් සොයාගනී

by Staff writer 09-07-2020 | 4:50 PM

COLOMBO (News 1st) - බුලත්සිංහල නගරාසන්නයේ නිවසක් පිටුපස තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඇගේ මළ සිරුර සොයා ගත් බවය. මිය ගොස් ඇත්තේ, බුලත්සිංහල නගරාසන්නයේම පදිංචි 36 හැවිරිදි විවාහක කාන්තාවකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.