බන්ධනාගාර රැඳවියන් 204ක් නිරෝධායනයට

බන්ධනාගාර රැඳවියන් 204ක් නිරෝධායනයට

by Staff writer 09-07-2020 | 1:24 PM
COLOMBO (News 1st) : බන්ධනාගාර රැඳවියන් 204 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි, යුද හමුදාව පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, පොළොන්නරුව බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු සහ පල්ලේකැලේ බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ද ඊයේ රාත්‍රියේ නිරෝධායනය සඳහා යොමු කළ බවයි. ඊට අමතරව ජේලර්වරුන් 9 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ඔවුන් එලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 2094 ක් වාර්තා වේ. කොරෝනා ආසාදිතයින් 116 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු සංඛ්‍යාව 1967කි.