පළාත් කිහිපයකට මිලිමීටර් 100 ක පමණ තද වැසි

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ක පමණ තද වැසි

by Staff writer 09-07-2020 | 4:15 PM

COLOMBO (News 1st) - නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වලට ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.