තව ත් කොරෝනා ආසාදිතයින් 57දෙනෙකු ⁣හඳුනා ගනී

තව ත් කොරෝනා ආසාදිතයින් 57දෙනෙකු ⁣හඳුනා ගනී

by Staff writer 09-07-2020 | 3:51 PM

? කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් 56ක්

? එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක් වූ මාරවිල කාන්තාවක්

COLOMBO (News 1st) - කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත බවට තහවුරු කර ගත් පුද්ගලයා සමග කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පිරිසකට මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු කරගෙන ඇති බවය. මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ මාරවිල ප්‍රදේශයේ කාන්තාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වැලිකඩ රැඳවියා කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග ඔහු මාස 3 කට ආසන්න කාලයක් රැඳී සිටි කන්දකාඩු පුනරුත්ථාන මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසක් මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ යුතු පී. සි. ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පවසයි. මේ අතර තව ත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු අද සුවය ලබා තිබේ. ඒ අනුව පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 1979 කි.