MCC ගැන ඇත්ත කියන්නේ කවු ද?

කලබල වෙන්න එපා - බන්දුල: MCC එකෙන් සතපහක් ගත්තේ නෑ - මංගල

by Staff writer 09-07-2020 | 8:40 PM

COLOMBO (News 1st) - MCC ගිවිසුම පිළිබඳ සමලෝචන කමිටුවේ වාර්තාව දැන් තියෙන්නේ අමාත්‍යවරුන් අතේය.

වාර්තාව පිළිබඳව ඇමතිවරුන්ගේ මතය ඉදිරිපත් කරන්නැයි දන්වා තිබුණත් මේ සතියේ කැබිනට් මණ්ඩලයට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි. මේ පිළිබඳව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසුවේ ය. ප්‍රශ්නය,
MCC එක ගැන ඔබතුමාලාගේ ඔබ්සවේෂන් මේ සතියේ එක ලබාදුන්නා ද? ඒ ගැන ගත් තීරණය මොකද්ද ඇමතිතුමා ?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,
සමහර අමාත්‍යවරු ඒ පිළිබඳව ලිඛිතව තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මම කැබිනට් කාර්යාලයට යවලා තියෙනවා මගේ මතය. තවදුරටත් මේ වාර්තාව ගැඹුරින් අධ්‍යනය කළයුතු බව ඇමතිවරු විශාල පිරිසක් කියා සිටියා. ඒ සඳහා ජනාධිපතිතුමා කාලය ලබා දුන්නා තව සති දෙකක් ඇතුළත හැම කැබිනට් අමාත්‍යවරයෙක්ගේම ලිඛිත අදහස ඉදිරිපත් කරන්න. ඒ අනුව තව සති දෙකක් ඇතුළත අධ්‍යනයෙන් පසු අදහස් ඉදිරිපත් නරනවා කලබල වෙන්න මොකුත් හේතුවක් නෑ. අපේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිව රටටයි රජනතාවටයි දක්වලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි රටේ පවතින නීති පද්ධතියට පටහැනි රටේ ස්වරීභාවයට භෞමික අඛණ්ඩතාවයට ජාතික ආර්ථිකයට හිතකර නොවන කිසිම ගිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ රජය මොනම රාජ්‍යක් සමගවත් අත්සන් තබන්නේ නැති බව. අපි දෙරාජ්‍යයක් අතර කාර්ය දාගෙන වැඩ කලහම ඒ පිළිබඳව දෙකේ පන්තියෙන් ළමයෙක් හැසිරෙන විදිහකට හැසිරෙන්ට බෑ. ජාත්‍යන්තර වශයෙන් රටක් ආණ්ඩු කරද්දී ඒ රටවල් සමග ඊට කළින් ආණ්ඩු කරපු ගනුදෙනු පිළිබඳ විචක්ෂණශිලී ලෙසත් විමර්ශනාත්මක ලෙසත් ආපසු හැරිලා බලන්න සිද්ධ වෙනවා.
හිටපු ආණ්ඩු ගැන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එසේ සඳහන් කරද්දී MCC ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමට කිසිදු බාධාවක් නැතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර තිබේ. ප්‍රශ්නය,
ඔබතුමාලගේ කාලයේ අත්සන් කළා ද අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් අවස්ථා කිහිපයකදී ගත්තා ද ?
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා,
සත පහක් අමෙරිකා එක්සත් ජනපදයෙන් එම්.සී.සී ගිවිසුමෙන් රටට ලබාදීලා නැහැ. මේ ග්‍රාන්ට් ගැන මං මෙච්ච දන්නේ ආණ්ඩුවේ මුදල ඉදන්ම මේකට සහභාගී වෙච්ච කෙනෙක්. 2006 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විදේශ කටයුතු අමාත්‍යවරයා හැටියටත් ඉස්සෙල්ලාම ජනාධිපතිවරයා කරපු ඉල්ලීම තමයි කොහොමහරි ගිහිල්ලා අමෙරිකාවට ගිහිල්ලා කොන්ඩලීසා රයිස් රාජ්‍ය ලේකම්තුමිය හම්බුවෙලා කතා කරගෙන මේක ලැබෙන්න සලස්වන්න කියලා. මේ ග්‍රාන්ට් එක දුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වශයෙන් ඉන්නකොට 2004 ඒ ආණ්ඩුව වැටුනයින් පස්සේ මේ ආධාර මුදල ලබාගන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් විශාල උවමනාවක් තිබ්බා . අපේ නිවාඩ් කබ්රාල් තමයි ඒ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධීකරණය කරන් පත් කලේ. අන්තිමට 2006 සැප්තැම්බර් මාසයේ අමෙරිකාවේදී මහින්ද රාජපක්ෂ හා ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමා අතර අත්සන් කරන්න සූදානම් කරලා තිබුණ මොහොතක තමයි මේ ලංකාවේ තිබුණ සුදුවෑන් සංස්කෘතිය ඇති වුනා රවි රාජ් වගේ මන්ත්‍රීවරු මරන්න පටන් ගත්තා වැල්ලවත්තේදී තරුණයන් 11 දෙනෙක් අරගෙන කප්පන් ඉල්ලා මැරුවා. ත්‍රිකුණාමලයේදී තව ත් කට්ටිය මැරුණා. මේ වෙනසත් එක්ක අමෙරිකාව කිව්වා දැන් ලංකාවට දෙන්න බැහැ කියලා. මොකද ඒක ලබාදෙන ප්‍රධාන සහ එකම කොන්දේසිය තමයි මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීයව තිබීම.
ප්‍රශ්නය,
විශ්වාසයෙන් හා වගකීමෙන් කියනවා සත පහක්වත් ගත්තේ නැහැ ?
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා,
සත පහක්වත් ගත්තේ නැහැ. මේක ඔය එක්ස්පර්ය්ලා කියන ආපු ප්‍රතිගාමීන් තුන්දෙනා නිර්මාණය කරපු අසත්‍යයක්.
ප්‍රශ්නය,
අවශ්‍යනම් මේ එම්.සී.සී ගිවිසුම් දැන් වුණත් අත්සන් නොකර ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ද?
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා,
පුළුවන් අනිවාර්යෙන්ම. අත්සන් නොකර ඉන්නත් පුළුවන්. අත්සන් කරන්නත් පුළුවන්. මම නම් කියන්නේ මේක අත්සන් කරන්න රට වෙනුවෙන්. මේක අත්සන් නොකර ඉන්න පුළුවන්. මේ 3/2 බලයක් ඕනේ කියන එක අමූලික බොරුවක්.
https://www.facebook.com/NewsfirstSL/videos/742443459850719/