හලාවත පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපනයේ උපදේශිකාව ඇසුරු කළ 42 ක් ස්වයං නිරෝධායනයට

by Hashini De Mel 09-07-2020 | 8:23 PM

COLOMBO (News 1st) - හලාවත, කොස්වත්ත ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඔවුන් කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් බවයි.