by Staff writer 09-07-2020 | 11:55 AM
COLOMBO (News1st) : චීනය රටක් ලෙස ප්‍රතිලාභ අත්කරගැනීමට කොරෝනා වෛරසය යොදාගන්නා බවට අමෙරිකාව චෝදනා කර තිබේ.
අමෙරිකාවේ කොංග්‍රස් සභිකයන් පෙන්වා දෙන්නේ කිසිඳු රටක් , මෙවන් වසංගත ව්‍යාප්තියක් ලාභ ප්‍රයෝජන ලබාගැනීම සඳහා අවභාවිත නොකළ යුතු බවයි.
මේ හමුවේ චීන රජය ප්‍රතිලාභ අත්කරගැනීමට වෛරස් ව්‍යාප්තිය යොදාගත් අයුරු හඳුනා ගැනීමට පරීක්ෂණයක් පවත්වන්නැයි, පනත් කෙටුම්පතක් හඳුන්වා දීමටද 14 දෙනෙකුගෙන් යුත් අමෙරිකානු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පියවර ගත්තේ ය.
මේ අතර කොරෝනා වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා දායකත්වය ලබා දෙන්නැයි චීනය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
චීනය පවසන්නේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා ඖෂධ , එන්නත්, පරීක්ෂණ කට්ටල සහ පැරණි චීන ඖෂධ අත්හදා බලමින් සිටින බවයි.
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා චීනය නිපදවූ එන්නත, මේ වන විට සායනික පරීක්ෂණවල පළමු සහ දෙවන අදියර සම්පූර්ණ කර අවසන් ය.
මේ අතර අමෙරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල දෙකක් වන හාවඩ් සහ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය, එරට සංක්‍රමණ, රේගු සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු ගොනු කර තිබේ.
ඒ , අමෙරිකානු රජය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ඔස්සේ ඉගැන්වෙන අධ්‍යයන පාඨමාලා වෙත ලියාපදිංචි වූ විදේශික සිසුන්ට වීසා නිකුත් නොකිරීමට ගත් පියවර එරෙහිවයි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ දේශන ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට අමෙරිකාවේ අධ්‍යාපන ආයතන යොමුවන පසුබිමකදී එරට රජය මෙම පියවර ගත්තේ ය.