ඉන්දීය ජාතිකයෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

රට රස්සා දෙන බව කියා කෝටි ගණනක් වංචා කළ විදේශිකයෙක් අත්අඩංගුවට

by Staff writer 09-07-2020 | 8:26 AM
COLOMBO (News 1st) : කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියක අධික මූල්‍ය වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීයී. අදාළ ඉන්දීය ජාතිකයා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා වංචා කර ඇති මුදල, රුපියල් එක් කෝටි හාර ලක්ෂ විසි දෙදහස් පසීය තිස්පහකි. අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව, පොලීසීය සඳහන් කළේ ය.