අපේක්ෂකයාගේ වාහනයේ හැර සෙසු වාහනවල ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කරන්නැයි පොලීසියට උපදෙස්

අපේක්ෂකයාගේ වාහනයේ හැර සෙසු වාහනවල ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කරන්නැයි පොලීසියට උපදෙස්

අපේක්ෂකයාගේ වාහනයේ හැර සෙසු වාහනවල ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කරන්නැයි පොලීසියට උපදෙස්

කර්තෘ Staff writer

09 Jul, 2020 | 4:36 pm

COLOMBO (News 1st) – අපේක්ෂකයා ගමන් කරන වාහනය හැර බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු වාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව පොලීසියට උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එවැනි වාහනවල පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති බවය.

තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් කිසිදු වාහනයක එවැනි ආකාරයේ පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනතට අනුව වරදක් බව ද මැතිවරණ කොමිසම පවසයි.

එබැවින් එම ස්ටිකර් හා බැනර් වහාම ඉවත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

එවැනි ස්ටිකර් හා බැනර් වාහනවල සවිකර ඇද්දැයි හදිසි පරීක්ෂා කිරීම් සිදු කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරු හා කොට්ඨාසභාර පොලිස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇති බව ද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]