COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය පවසන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට ඉඩ නොදිය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වජිර අබේවර්ධන,
සසර වසන තුරු 19 වැනි සංශෝධනය නොකළ යුතුයි කියලා මං පැහැදිලිව කියන්න කැමතී. එක එක්කෙනාගේ සිහින ලෝකවලට අපි ඇතුල් නොවිය යුතුයි. රජයට 3 න් දෙකක් ජනතාව මේ අවස්ථාවේ කිසිසේත්ම ලබාදෙන්නේ නෑ. 19 වෙනි සංශෝධනය අනුව දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. පැරදුනාම ආණ්ඩු හදන්න පුළුවන් බහුතරයේ කැමැත්ත එකඟතාව ඇති කරගෙන ආණ්ඩු හදන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවන් අපි ලිහලා තියෙන්නේ. ඒ නිසා තමයි 2015 ජනවාරි 8 වෙනිදා අපි 40 කින් ආණ්ඩු හදන්නේ
ප්‍රශ්නය,
මට පැහැදිළි නෑ ඔබතුමන්ලා ආණ්ඩු ගන්න ක්‍රමේ මොකක්ද කියලා. මැජික් එකක්ද ඒක?
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වජිර අබේවර්ධන,
මැජික් එකක් නෙමෙයිනේ මැජික් පෙන්නුවා මම පහුගිය දවස්වල ඔයාට ඕනේ නම් පෙන්නන්නම්
ප්‍රශ්නය,
ඔබතුමා කිව්වා දිනලා නෙමෙයි පැරදිලා හැමදාම අපි ආණ්ඩු හැදුවා කියලා. මේක එතකොට ඩීල් එකක් ද? මැජික් එකක් ද?
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වජිර අබේවර්ධන,
මැජික් එකක් නෙමෙයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලූ දේශපාලන පක්ෂ
ප්‍රශ්නය,
එහෙනම් ඩීල් එකක්?
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වජිර අබේවර්ධන,
නෑ ඩීල් එකක් නෙමෙයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනයෙන් අපි සකස් කරලා තියෙනවා අමාරු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්. මොකක්ද මේ අමාරු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ? ගැලපෙන නොගැලපෙන දේශපාලන පක්ෂවල අදහස් ගොනු කරගෙන රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රමවේදය 19 වැනි සංශෝධනයෙන් ගෙනැල්ලා තියෙනවා.
https://www.facebook.com/NewsfirstSL/videos/709109016599433/