දයාන් ජයතිලකගෙන් අනතුරු ඇඟවීමක්

13 වෙනස් කළොත් ඉන්දියාව තරහ වෙයි, දයාන් ජයතිලකගෙන් අනතුරු ඇඟවීමක් - දයාන් ජයතිලක

by Staff writer 08-07-2020 | 7:43 PM

COLOMBO (News 1st) - ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීම ගැන පොදුජන පෙරමුණ අදහස් පළකරද්දී ඒ සම්බන්ධයෙන් සෙසු පාර්ශව දරන මතය පිළිබඳව ද අප විමසා බැලුවෙමු.

තුනෙන් දෙකක බලයක් ලබාදීමෙන් ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයක් ගැන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා ඊයේ පස්වරුවේ කොළඹ පැවති විද්වත් හමුවකදී කරුණු පෙන්වා දුන්නේ ය. හිටපු රුසියානු තානාපති අචාර්ය දයාන් ජයතිලක මහතා,
ආණ්ඩු පක්ෂය කියනවා අපිට 2/3 ක් දෙන්න කියලා කුමක් සඳහා ද? ජනාධිපතිතුමාගේ හස්තය ශක්තිමත් කරන්න. ඒ කියන්නේ බලය සංකේන්ද්‍රගත කරන්න යළිත් වතාවක්. කෙළින්ම කියනවා 19 වෙනි සංශෝධන 13 වෙනි සංශෝධනය වෙනස් කරන්න. ඉතිං 19 වෙනි සංශෝධනය වෙනස් කරපුවාම දැනට තියෙන කොන්ද කෙළින් කරගෙන ඉන්න මැතිවරණ කොමසාරිස් එක්කෙනෙක් ඉන්නේ නෑ. ඔය මහින්ද දේශප්‍රියවගේ කෙනෙක් ඉදිරිපත් වෙන්නෑ. ඉතිං ඒකනේ වෙන්නේ 19 වෙනි සංශෝධනය ඉවත් කරපුවාම. එතකොට ඒකාධිපතිකම නැත්තම් ආඥාදායකත්වය තියෙන යම් යම් සීමාවල ඔක්කෝම ලියලා දානවා.13 වෙනි සංශෝධනය ඉවත් කරොත් නැත්තම් වෙනස් කරොත් ආපහු අර උතුරු දකුණු ප්‍රශ්නය ඇතිවෙනවා. 13 වෙනි සංශෝධනය කියන්නේ ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක ආපු දෙයක්නේ එතකෝට ඊළඟට අසල්වැසි රටත් එක්කත් පැටලෙන්න වෙනවා. ඇයි යුද්ධෙ කාලේ යුද්ධය ජයග්‍රහණය කරන්න පරිසරය හැදුවේ ඉන්දියාවට පොරොන්දු දිලා 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවායි කියලා. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවල කිව්වා 13 ධනයි කියලා. සමහර අවස්ථාවල කිව්වා 13 මත ගොඩනැගමු කියලා බිල්ඩ් ඉන් අපෝන් කියලා. ඉතිං එහෙම කියලා පොරොන්දු වෙලා ලිඛිත ප්‍රතිඥා දිලා ඊට පස්සේ කියනකොට අපිට 2/3 ක් දෙන්න කියලා මේක අකුලගන්න කියලා එතකොට අපට ආපහු 1980 ගණන්වලවගේ විශාල ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් අසල්වැසියා සමග. දැන් මේ තුනෙන් දෙක පිළිබඳව ඉතාම සරලවත් බලන්න පුළුවන් මේ විදිහට. ඔය තුනෙන් දෙක නැතුව තුනෙන් දෙ‍කේ බලයක් තිබුනා නම් කුමාර සංගක්කාර පැය 10 ක් ප්‍රශ්න කරා නම් මොනවා නොවෙයි ද? කාට මොනවා නොකරයි ද? මේ තුනෙන් දෙක නැතුව කරේ. ඒ නිසා ඔය තුනෙන් දෙක වළක්වන එක සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. මේ රටේ ආණ්ඩු 2 ක් තිබුණා තුනෙන් දෙකේ බලය සහිතව සිරිමාවෝබණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි. ඒ ආණ්ඩු දෙක යටතේම ලංකාව ලේ සාගරයක් වුනා. හේතුව තුනෙන් දෙකක් තියෙනකොට කාටවත් ඇහුම්කන් දෙන්නෙ නෑ. කිසිම තුලනයක් නෑ.
https://www.facebook.com/NewsfirstSL/videos/2809809165808233/