ලංකාවත් රුබෙල්ලා, සරම්ප තුරන් කළ රටවල් අතරට

රුබෙල්ලා සහ සරම්ප තුරන් කළ පළමු අග්නිදිග ආසියානු රටවල් දෙක අතරට ශ්‍රී ලංකාවත්

by Staff writer 08-07-2020 | 2:35 PM
COLOMBO (News 1st) : රුබෙල්ලා සහ සරම්ප තුරන් කළ පළමු අග්නිදිග ආසියානු රටවල් දෙක බවට, ශ්‍රී ලංකාව සහ මාලදිවයින පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ ඉලක්කගත කාලයට පෙර ශ්‍රී ලංකාව සහ මාලදිවයින එම රෝග තුරන් කර ඇති බවයි. 2023 වන විට කලාපයෙන් රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේක්ෂාව වී තිබිණ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අවසන් වරට සරම්ප රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේ මැයි මාසයේදීයී. 2017 වසරේ මාර්තු මාසයේදී මෙරටින් අවසන් වරට රුබෙල්ලා රෝගියෙකු වාර්තා වී තිබිණ. ඒ අනූව රුබෙල්ලා සහ සරම්ප සම්පූර්ණයෙන් තුරන් කළ රටවල් අතරට, අද සිට ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක් වනු ඇති.