රාජ්‍ය සේවයේ බොහෝ කැපවීම් විද්වතුන් පාරට බසී

රාජ්‍ය සේවයේ බොහෝ කැපවීම් කළ උගතුන් විද්වතුන් පාරට බසී

by Staff writer 08-07-2020 | 8:44 PM

COLOMBO (News 1st) - විශ්‍රාම වැටුප් කප්පාදු කර ඇතැයි පවසමින් අද රට පුරා ස්ථාන ගණනාවක විරෝධතා පැවැත් විය.

ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ, විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයයි. 2016 ජනවාරි 01 වැනි දා සිට 2020 ජනවාරි 01 වැනි දා දක්වා විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප ඉහළ යාමට නියමිතව තිබුණි. ඒ, ආසන්න වශයෙන් රුපියල් 10,000 සිට රුපියල් 60,000 ක් දක්වා ප්‍රමාණයකිනි. නමුත් විශ්‍රාම ලත් රාජ්‍ය සේවකයින් පවසන්නේ, නව රජය බලයට පත් වීමත් සමග ජනවාරි 02 වැනි දා කැබිනට් පත්‍රිකාවක් මගින් අදාළ වැටුප් ඉහළ දැමීම නවතා දමා ඇති බවයි. මෙම කප්පාදුවට එරෙහිව අද දිස්ත්‍රික්ක 15 ක විශ්‍රාම ලත් රාජ්‍ය සේවකයින් සිය විරෝධය පළ කළේ ය. ඉන් එක් විරෝධතාවක් පැවැත්වුණේ කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීය. මධ්‍යම පළාත් විශ්‍රාමිකයින්ගේ සංගමය සංවිධාන කළ විරෝධතාව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණේ මහනුවර නගරයේ ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළදීය. ගම්පහ දුම්රිය ස්ථානය, කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට, මාතර බස්නැවතුම්පොළ ඉදිරිපිට, කළුතර පාලම ඉදිරිපිට ඇතුළු ස්ථාන කිහිපයක ද අද විරෝධතා පැවැත් විය. විශ්‍රාම ලත් රාජ්‍ය සේවකයින් එක්ලක්ෂ විසි දහසකට අධික පිරිසක් මේ තත්ත්වයට මුහුණදී සිටින බව අද විරෝධතාවට එක් වූ පිරිස ප්‍රකාශ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/585900218968151/