මින්නේරිය වනෝද්‍යානයේ නිවුන් අලි උපතක්

මින්නේරිය වනෝද්‍යානයේ නිවුන් අලි උපතක්

by Staff writer 08-07-2020 | 2:10 PM
COLOMBO (News 1st) : මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිවුන් අලි උපතක් සිදුව තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ, මීට සතියකට පමණ පෙර මෙම නිවුන් අලි උපත සිදුව ඇති බවයි. මෙය මෙරට සිදුවූ ප්‍රථම නිවුන් අලි උපත ලෙස වනජීවි දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.