මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 405ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 405ක් අත්අඩංගුවට

by Staff writer 08-07-2020 | 10:34 AM
COLOMBO (News 1st) : පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 405 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 140 ක්,ගංජා කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 191 ක් හා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් ද සිය භාරයට ගත් බවයි. නාරාහේන්පිට, සපුගස්කන්ද, පානදුර දකුණ, බොරලැස්ගමුව, මීගමුව ආදි පොලිස් බල ප්‍රදේශවලදී මෙම හෙරොයින් සොයා ගත් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරුවන් අධිකරයට ඉදිරිපත් කිරිමට නියමිතයි.