17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනය කෙරේ‍

බලංගොඩ 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනය කෙරේ‍: තරුණයෙකු අත්අඩංගුවට

by Staff writer 08-07-2020 | 9:32 PM

COLOMBO (News 1st) - බලංගොඩ, රාවනාකන්ද, වලගොඩ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් බරපතළ අපයෝජනයට ලක්කර තිබියදී බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙම සිසුවිය උසස් පෙළ සඳහා නව පාසලකට ඇතුළත්වීමට නියමිතව සිටි බැවින් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා පසුගිය 05 වැනි දා පස්වරුවේ ඇඳුම් මහන ස්ථානයක් වෙත ‍ගොස් තිබේ. නමුත් ඇය ආපසු නොපැමිණි නිසා සිද්ධිය පොලීසියට ද පැමිණිලි කර ඇති ඥාතීන් පෙරේදා පස්වරුවේ තරුණායාගේ නිවසේ සිටියදී සිසුවිය සොයාගෙන තිබේ. පසුව සිසුවිය රෝහල්ගත කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ. මූලික පරීක්ෂණ අද සිදු කළ අතර මරණ පරීක්ෂණයෙන් පසුව විවෘත තීන්දුවක් ලබාදී සිරුර ඥාතීන්ට භාරදී ඇත.