COVID19: ජපානයෙන් රු. මිලියන 1360 ක ප්‍රදානයක්

කොරෝනා මර්දනයට ජපානයෙන් රු. මිලියන 1360 ක ප්‍රදානයක්

by Staff writer 08-07-2020 | 7:00 PM

COLOMBO (News 1st) - ජපානයෙන් මෙරටට රුපියල් මිලියන 1360 ක ප්‍රදානයක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, කොරෝනා වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහාය. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ලක් රජයේ ඉල්ලීම මත ජපාන ව්‍යාපෘති නොවන ආධාර ක්‍රමය යටතේ මෙම ප්‍රදානය පිරිනමා ඇති බවයි. ඊට අදාළ හුවමාරු පත්‍රවලට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති සුගියාමා අකිරා යන මහත්වරුන් අද අත්සන් තබා තිබේ. මේ යටතේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා එම්. ආර්. අයි ස්කෑන් යන්ත්‍ර, සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුළු උපකරණ ලබාදීමට ජපාන රජය පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.