හලාවත එකම පවුලේ 4කට පහර දුන්නේ කවු ද?

එකම පවුලේ 4ක් කැපුම් තුවාල සහිතව රෝහලට: එජාප මන්ත්‍රීවරයෙකුට චෝදනා

by Staff writer 08-07-2020 | 9:54 PM

COLOMBO (News 1st) - හලාවත, ආරච්චිකට්ටුව එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පහරදුන් බව කියන එකම පවුලේ සිව්දෙනෙකු කැපුම් තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ මව, දියණියන් දෙදෙනකු සහ පිරිමි දරුවෙකි. සැකකරු සොයා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.