අවශේෂ කැලෑ ඉඩම්: කැබිනට් තීරණය කල් යයි

අවශේෂ කැලෑ ඉඩම් ගැන චක්‍රලේඛය අහෝසි කරන කැබිනට් තීරණය කල් යයි

by Staff writer 08-07-2020 | 8:28 PM

COLOMBO (News 1st) - අවශේෂ කැලෑ ඉඩම් ගැන බරපතළ සංවාදයක් පසුගිය දින කිහිපයේම ඇතිවිය.

ඊට හේතුවුනේ තනි පුද්ගලයින්ගේ තීරණ මත මෙම ඉඩම් විවිධ පුද්ගලයින්ට හා සමාගම් අතට පත්වීමේ අවදානමක් මතුවීම නිසයි. 2001 වසරේ නිකුත් කළ චක්‍රලේඛයක් වෙනස් කිරීමෙන් මේ තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවිය. මේ පිළිබඳව අද කැබිනට් මණ්ඩලයේදී නැවත සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් එය කල්දමා තිබේ. අපේ ජනබලය පක්ෂයේ අපේක්ෂක පාහියංගල ආනන්ද සාගර හිමි,
කිසිම දෙයක් නෙවෙයි අරමුණ මුඛ්‍ය අරමුණ මුඛ්‍ය පරමාර්ථය මේකේ ඇතුලේ තියන යටි අරමුණ සමාගම් 5 ක් මේ ඉඩම්වලට මාන බලනවා මේ හෙක්ටයාර් ලක්ෂ 5 අරගන්න ඒකට අවශ්‍ය කරන පහුගිය ආණ්ඩුවේ දුම්බර කඳු ටික දුම්බර මිටියාවතේ කඳු ටික ලබාගැනීම සඳහා මෙවැනි යෝජනාවක් ආවා සමාගම් 15 ක් 20 ක් දාලා ඒ යෝජනාවේ අනිත් එක තමයි මේ යෝජනාව දැන් මේ යෝජනාව හරහා මේ ඉඩම් දෙන්න ගන්නවා
ප්‍රශ්නය,
2001/5 සර්කියුලර් එක අයින් කරලා තියෙනාව. ඒකත් එක්ක අවශේෂ වනාන්තරවලින් හෙක්ටයාර මිලියන භාගයක් විතර ලක්ෂ 5ක් විතර නැතිවෙයි කියලා පරිසර සංවිධාන කියනාව. නමුත් ජනාධිපතිතුමාගේ මැනුෆැස්ටෝ එකේ කියනවා ෆොරස්ට්. එක සියයට 30 කින් වැඩි කරනවා කියලා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ,
අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා.
ප්‍රශ්නය,
කොහෝමද දැන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ
අවශේෂ කැලෑ පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ තාම ඒවාගැන සාකච්ඡා කරනවා. අවෂේෂ කැලෑ 2001 ඉඳලා තියන්න පුළුවන්ද එක තැනකවත් අක්කර ගණන් නෙවෙයි හෙක්ටයාර් ගණන් නෙවෙයි ගහක්වත් පැළ කරපු තැනක් තියෙනවා නම් අපිට කියන්න ඔය පරිසර සමති එක්ක අපි හැප්පෙන්න යන්නේ නැහැ. එහේම පැයක්වත් ඉන්දපු තැනක්වත් තියෙනවා නම් අපිට ප්‍රශ්නය තියෙන්නේ අවශේෂ කැලෑ මේ අයට භාර දිලා අවෂේෂ කැලෑ තියා වනසංරක්ෂයට අයිත් කැලෑවක්වත් ආරක්ෂා කරගන්න බැරිවෙලා තියෙනවා. ඒක නිසා ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා. රජය මේවා මේ රටේ වන ආවරණය ශක්තිමත් කරන්න ඒක සුදුසු වැඩපිළිවෙළක් හදන්න.