by Staff writer 08-07-2020 | 8:09 AM
COLOMBO (News 1st) : පලෙයි, ඉයකච්චි ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා මිය ගොස් තිබේ.
ඉයකච්චි ප්‍රදේශයේ නිවසකදී පසුගිය 3 වැනි දා මෙම පිපිරීම සිදු විය.
මෙලෙස මියගොස් ඇත්තේ, පිපිරීමෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවිය.
මේ වනවිට ඔහුගේ බිරිඳ ද ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.