by Staff writer 08-07-2020 | 8:52 AM
COLOMBO (News 1st) : වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියක් අද උදෑසන වව්නියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක් ව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි.
කන්කසන්තුරේ සිට කොටුව බලා ධාවනය වන සහ යාපනය සිට කොටුව බලා ධාවනය වන දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.