
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත්කරගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළ නමුත් මෙම ක්‍රියාවලියට වසරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වී ඊට ලබාදෙන අරමුදල් වෙනත් කටයුත්තක් සඳහා යොදවන බවට ජනපති ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු එසේ කිරීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය ඇතුළ සෙසු රටවල් ගණනාවක් කල ඉල්ලීම් නොතකමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගැනීම විශේෂත්වයකි.
ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ, කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීන පාලනයට නතුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ලබන වසරේ ජුලි මස 6 වනදා සිට බලාත්මක වනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් ප්‍රකාශ කළේ ය.
ජනපති ට්‍රම්ප් ගේ ක්‍රියාව හෙලාදකිමින් ඩිමොක්‍රැටික් පක්ෂයේ සෙනෙට් සභික රොබට් මෙනෙන්ඩේස් සඳහන් කළේ, වෛරස් ව්‍යාප්තිය මධ්‍යයේ ජනපති ට්‍රම්ප් ගත් මෙම පියවරෙන් අමෙරිකාව හුදෙකලා වන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණය විය යුතු ආකාරය පිළිබඳ තමන් දැනුම් දුන් නමුත් එම සංවිධානය ඊට එකඟ නොවීම හමුවේ ජනාධිපතිවරයා මෙම පියවර ගත් බව අමෙරිකානු බලධාරීහු පෙන්වා දෙති.
මේ අතර ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන ජෝ බයිඩන් කියා සිටියේ තමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ පලමු දිනම යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වී , ගෝලීය වේදිකාවේ අමෙරිකානු නායකත්වය ප්‍රතිශ්ඨාපනය කරන බවයි .
ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මූල්‍යමය දායකත්වය ලබාදෙන්නේ අමෙරිකාව වන අතර 2019 වසරේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් ලෙස දැක්විය.
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ
- වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..
- අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ගෘහස්ත ත්‍රස්තවාදි හිස එසවිය හැකි බවට අනතුරු ඇඟවීමක්…
- 2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්
- පුත්තලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට
- AstraZeneca Covishield කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට: එන්නත්කරණය හෙට සිට ඇරඹේ
- දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්