වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

Update: කොරෝනා ආසාදිතයා හමුවී තිබෙන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

by Staff writer 07-07-2020 | 12:10 PM

Update (12.00 pm) - කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගනු ලැබුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නොව වැලිකඩ බන්ධනාගාරයෙන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ අදාළ කොරෝනා ආසාදිතයා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් හමු වූ බවය. --------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) (9.57 a.m) - වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා අසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම රැඳවියා කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජූනි 27 වැනි දා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙකු බවයි. හඳුනාගත් මෙම රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. https://www.youtube.com/watch?v=usBMCinFflc&feature=youtu.be