MCC තීරණය කැබිනට් මණ්ඩලයට

MCC තීරණය කැබිනට් මණ්ඩලයට

by Staff writer 07-07-2020 | 9:22 PM

COLOMBO (News 1st) – 13 වන ව්‍යවස්ථා සංශෝධනය නැවතත් කරළියට එන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට දෙන්න එපා කියන ප්‍රබල හඬක් රට තුළ මතුවෙද්දී ය.

එමෙන්ම අමෙරිකාව සමග යෝජිත MCC ගිවිසුම ගැනත් බරපතල විවාදයක් නිර්මාණය වී තිබෙද්දී ය. දැන් නැගෙනහිර පර්යන්තයට හා MCC ගිවිසුමටයි මොකද වෙන්නේ? මාධ්‍යවේදී ප්‍රශ්නය
MCC ගිවිසුමේ දැන් මොකද්ද තත්ත්වය?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා
කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් ගනියි.
මාධ්‍යවේදී ප්‍රශ්නය
වරාය නැගෙනහිර ජැටිය?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා
නැගෙනහිර ජැටියේ කටයුතු පිළිබඳ කොමිසමක් පත් කළානේ ජනාධිපතිතුමා. කමිටුවක් පත් කරලා පරීක්ෂා කරලා ඒ ගන්න තීරණවලට අපි එමු. කලබල වෙන්න එපා. කිසිම කලබලයක් නැහැ. 5 වෙනිදාගෙන් පස්සේ ශක්තිමත් ආණ්ඩුවක් හදලා වේගයෙන් වැඩ කටයුතු බලාගෙන හිටියට ඡන්දයක්නේ .5 වෙනිදාට පස්සේ වේගවත්ව අපි වැඩසටහන ඉදිරියට ගෙනියනවා අලුත් ආණ්ඩුවක් යටතේ . ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා ඒ තරම් ප්‍රසාදයක් නෑ අපේ ඒක ක්‍රියාත්මක කරන ආකාරය ගැන. අවශ්‍ය නෑ අපි දකින හැටියට නම් කොමිටි තියන්නවත් මොකද මේක අනිවාර්යයෙන් සම්පූර්ණයෙන්ම මේ රට අමෙරිකාවේ තිත්පොළක් හැටියට යුද කඳවුරක් හැටියට කරන්න කියපු දෙයක්. මේ MCC ගිවිසුම වගේ එකක් මීට අවුරුදු 220 කට ඉස්සර වෙලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාළේ නෝර්ඩ් කියන ආණ්ඩුකාරවරයා මේ වගේ දෙයක් ඉදිරිපත් කළා . කියන්නෙ කෙලින්ම කොළඹ ඉදන් ත්‍රිකුණාමලයට යන පාරක් හදන්නෙයි කියලා. වෙන දේකට නෙමෙයි ඉන්දියාවේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වෙයි කියලා ත්‍රීකුණාමලය. මොකද ඔවුන්ට ඕනි වුණා ඉන්දියාව කොහොම හරි ආරක්ෂා කරගන්න . අදත් වෙන්නෙ ඒක තමයි. අද කරන්නෙ ත්‍රීකුණාමලය ඉල්ලන්නෙ වෙනදේකට නෙවෙයි තියෙන ආක්‍රමණයට මුහුණ දීම සඳහා ය. මේ රටේ ලක්ෂ 68 ක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කරගෙන තියෙන්නෙ ඒකට නෙවෙයි. මේ රට බේරගන්න. එම නිසා එතුමාටත් අවශ්‍ය නෑ කැබිනට් මන්ත්‍රීවරුන්ගෙන් අහන්න.අහන්නැතුව මේක සම්පූර්ණයෙන් වහාම ප්‍රතික්ෂේප කරලා නිවේදනයක් නිකුත් කළ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගයේ අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා ගුණරුවන් මහත්තයාම කිව්වා අපි සල්ලි ගන්න එකඟ වෙලා විතරයි. අරගෙන නෑ. අපි ගත්තා කියලා කිව්වෙත් නෑ කිව්වා. ඒ නිසා එතුමාම කියනවා හරි පහසුයි ගිවිසුම අවලංගු කරන්න ඕනේ මේක කිසිසේත් අත්සන් නොකළ යුතුයි කියලා. අපි අහනවා කෝ ආණ්ඩුවේ ස්ථාවරය? අමෙරිකන් තානාපතිට කියන්න පුළුවන් නම් ඡන්දෙන් පස්සේ අත්සන් කරනවා කියලා ඇයි ජනාධිපතිට කියන්න බැරි . මගේ විශේඥ කමිටුව දීලා තියෙන උපදෙස් වලට අනුව මේක අත්සන් කරන්න බෑ. ඕගොල්ලෝ ඔෆිස් එක වහගන්න යන්න ලෑස්ති වෙන්න කියලා. කියන්නේ නෑ.