රුසියානු කාන්තාව කළ අනාවරණය

Galle face පිටියේ සිද්ධිය ගැන රුසියානු කාන්තාව කට අරී...

by Staff writer 07-07-2020 | 1:21 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේදී රුසියානු කාන්තාවක් හිංසනයට ලක්කිරීමට අදාළ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රුසියානු කාන්තාව හිංසනයට ලක්ව ඇත්තේ පසුගිය ඉරිදා පස්වරුවේදී ගාලු මුවදොර පිටියේදීය. ඒ සම්බන්ධයෙන් ඇය එදිනම රාත්‍රීයේ කොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පොලීසියට පැමිණිලි කිරීමත් සමග පොලීසිය එම සිදුවීම වූ ස්ථානයට පැමිණියේය. පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධියට අදාළව කළ වැටලීමමේදී සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවය. සැකකරුවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටි බව බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවසුවේ ය. මෙම රුසියානු කාන්තාව හිංසනයට ලක්වීමට අදාළ විඩියෝවක් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි. සැකකරුවන් කොළඹ අවට පදිංචිකරුවන් බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ය. තමා මෙම සිදුවීමට මුහුණදුන් ආකාරය සම්බන්ධව ඇය මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/201731764524441/