මහවැව අසළ නවතා තිබූ යතුරුපැදි 3 ක් ගිනිබත් වෙයි

හොරව්පතාන මහවැව අසළ නවතා තිබූ යතුරුපැදි 3 ක් ගිනිබත් වෙයි

by Staff writer 07-07-2020 | 12:46 PM

COLOMBO (News 1st) - අනුරාධපුර, හොරව්පතාන මහවැව අසළ නවතා තිබූ යතුරුපැදි 3 කට ඊයේ රාත්‍රීයේ කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ගින්නෙන් යතුරුපැදි තුන සම්පූර්ණයෙන් දැවී ඇති බවය. මෙම යතුරුපැදි මහවැවේ ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් තිදෙනෙකුට අයත්ය. ඊයේ රාත්‍රීයේ ඔවුන් වැවට ගොස් සිටි අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/287825505608500/