තව ත් ලාංකිකයින් 280 ක් දිවයිනට

සෞදියේ හා කටාර්හි රැඳී සිටි ලාංකිකයින් 280 ක් දිවයිනට

by Staff writer 07-07-2020 | 11:57 AM

COLOMBO (News 1st) - සෞදි අරාබියේ සහ කටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 280 දෙනෙකු අද දිවයිනට රැගෙන විත් තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, සෞදියේ රියාද් නුවර සිටි ලාංකිකයින් 275 දෙනෙකු අද උදෑසන 7.10 ට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවය. කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයින් 5 දෙනෙකු ද අද දිවයිනට පැමිණ ඇත. ඔවුන් සියලුම දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති. කොරෝනා හේතුවෙන් පිලිපීනයේ සිරවී සිටි ලාංකිකයින් 41 දෙනෙකු ද ඊයේ රාත්‍රී දිවයිනට රැගෙන විත් තිබේ. මේ අතර සෞදියේ, රියාද් නුවර සිරවී සිටින තව ත් ලාංකිකයින් 281 දෙනෙකු අද රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතය.