විදුලි බිල ගෙවීමේදී අඩු ආදායම්ලාභීන්ට සහන

විදුලි බිල ගෙවීමේදී අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිශතාත්මක සහන

by Staff writer 07-07-2020 | 5:01 PM

COLOMBO (News 1st) – විදුලි බිල ගෙවීම සඳහා අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිශතාත්මක සහන ලබාදීමට යෝජනා වී තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සෙසු පාර්ශව සම්බන්ධයෙන් ද යෝජනා රැසක් අදාළ වාර්තාවට ඇතුළත් බවයි. ඒ සඳහා පත් කළ කමිටුව ලබාදුන් වාර්තාවට අනුව එම තීරණය ගෙන තිබේ. එම වාර්තාව අධ්‍යනය කිරිමෙන් පසු අනුමැතිය සඳහා හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, වැඩි වූ විදුලි බිලට ලබා දෙන සහන මේ සතියේ ප්‍රකාශයට පත් කරන බවයි.