රුසියානු කතට හිංසා කළ සැකකරුවන් 5 දෙනා රිමාන්ඩ්

රුසියානු කතට හිංසා කළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 07-07-2020 | 4:20 PM

COLOMBO (News 1st) – කොළඹ , ගාලු මුවදොරදී රුසියානු ජාතික කාන්තාවකට හිංසා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

ඒ, අදාළ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම රුසියානු කාන්තාව පසුගිය ඉරිදා පස්වරුවේදී ගාලු මුවදොර පිටියේදී හිංසනයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය එදිනම රාත්‍රීයේ කොටුව පොලීසියට පැමිණිල්ලක්  කර තිබිණ. පසුව ප්‍රධාන සැකකරු ද ඇතුළුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පොලිස්  විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ඔවුන් කොළඹ අවට පදිංචිකරුවන් පිරිසක්  බවයි. මෙම රුසියානු කාන්තාව හිංසනයට ලක්වීමට අදාළ විඩියෝවක් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/201731764524441/