පේසාලෙයි දේවස්ථානයකට ඇතුළුවූ සැක පුද්ගලයා රිමාන්ඩ්

පේසාලෙයි දේවස්ථානයකට ඇතුළු වූ සැකකටයුතු පුද්ගලයා රිමාන්ඩ්

by Staff writer 07-07-2020 | 9:49 PM

COLOMBO (News 1st) : මන්නාරම, පේසාලෙයි විජයග්‍රහණයේ මාතාවගේ දේවස්ථානයට ඇතුළු වූ සැකකටයුතු පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

සැකකරු 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඊට අමතරව අධිකරණය නියෝග කර ඇත්තේ ඊළඟ නඩු වාරයේදී අදාළ පුද්ගලයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ය. සැකකටයුතු පුද්ගලයා බෑගයක්ද රැගෙන පෙරේදා දහවල් දේවස්ථානයට ඇතුළු වී තිබූ අතර එහි සිටි කාන්තාවක කළ දැනුම්දීමක් අනුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළේ ය.