by Staff writer 07-07-2020 | 7:58 AM
COLOMBO (News 1st) - ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අමෙරිකාවත් අභිබවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ්-19 මරණ 474 ක් වාර්තා විය.
කොවිඩ්-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමකට ලක්ව ඇති අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වන්නේ කොවිඩ් මරණ 328 ක් පමණි.
අමෙරිකාවේ සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 132,929 කි.
අමෙරිකාවෙන් අසාදිතයින් 3,039,080 ක් වාර්තා වේ.
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා ගොස් ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 720,346 ලෙසයි.
වැඩිම කොරෝනා ආසාදිතයින් සහිත රටවල් අතර ඉන්දියාව තෙවන ස්ථානයේ පසුවෙයි.
ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 20,174 කි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ කොරෝනා දෙවැනි රැල්ලක් මතුවීමේ අවදානමක් උද්ගතව තිබේ.
ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තය තාවකාලිකව වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇති බව සඳහන් වේ.