කැස්බෑවේදී හෝටල් හිමිකරුවෙක් ඝාතනය කෙරේ

කැස්බෑවේදී හෝටල් හිමිකරුවෙක් ඝාතනය කෙරේ

by Staff writer 07-07-2020 | 2:57 PM

COLOMBO (News 1st) – කැස්බෑව ප්‍රදේශයේදී පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පහරදීමක් හේතුවෙන් හිසේ පිටුපස තුවාල සහිතව හෝටලයේ නිදන ඇඳ මත ඝාතනයට ලක්ව තිබියදී ඊයේ රාත්‍රී 10ට පමණ ඔහුගේ සිරුර සොයා ගත් බවයි. එම ව්‍යාපාරිකයාගේ බිරිඳ ද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. මියගොස් ඇත්තේ 50 හැවිරිදි ගුරුගම්මාන පාර කැස්බෑව ලිපිනයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කැස්බෑව මහේස්ත්‍රාත්වරයා සිදු කර තිබේ. පොලීසිය සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැත.